May 05, 2024

රනිල් අලුත් වැඩක් පටන් ගනී

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අලුත් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ඒ එක්සත් ජාතික පක්ෂයෙන් ක්‍රියාකාරී දේශපාලනයට එන තරුණ තරුණියන්ට දේශපාලන පුහුණු පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථාව ලබා දීමටයි.

දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන් පුහුණු කිරීම් කරන ආයතන සමඟ සම්බන්ධ වී මෙම කාර්යය සිදුකිරීමට නියමිතය. 

පශ්චාත් කෝවිඩ් සමයෙන් පසු නව සමාජ ක්‍රමය සමඟ නූතන තාක්ෂණය භාවිත කරමින් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදීම සඳහා වැඩදායී මඟ පෙන්වීමක් කිරීම ඉහත පාඨමාලා ක්‍රියාත්මක කිරීමේ අරමුණ වේ.

Rate this item
(3 votes)

Related items