May 11, 2024

අවුලක් අත ළඟ : වරාය- තෙල්- විදුලි වෘත්තීය සමිති ජවිපෙ සමග සාකච්ඡාවක

ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල් , වරාය , විදුලි ඒකාබද්ධ සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ මුණගැසී සාකච්ඡා කර තිබෙනවා.

අවධානය යොමු කළ කරුණු

මෙහිදී විශේෂයෙන්ම කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් 40%ක් ඇමරිකාවේ නිව් ෆොටස් බලශක්ති සමාගමට විකිණීම , වරාය සතු අක්කර 13 ක ඉඩම හා සේවාවන් චීනයට විකිණීම ගැන විශේෂ අවධානය යොමු කර තිබෙනවා.

ඒ හැරුණු කොට ඛනිජ තෙල් සම්පත පිළිබඳ අනුගමනය කරන අදූරදර්ශී රටට අහිතකර තීරණයන් සම්බන්ධයෙන්ද එම සාකච්ඡාවේ අවධානය යොමු වූ බවයි වාර්තා වන්නේ.

ඉන්දීය විදේශ ලේකම්

වෘත්තීය සමිති හා ජවිපෙ අතර මෙම සාකච්ඡා පවත්වා තිබෙන්නේ මෙරට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු ලේකම් හර්ෂ් වර්දාන් සිංග්ලේ මහතා ත්‍රිකුණාමලය තෙල් ටැංකි නිරීක්ෂණ චාරිකාවක නියැලුණු වට පිටාවත් තුළයි.

ත්‍රීකුණාමලයේ ඉතිරි තෙල් ටැංකි 85 ද ඉන්දියාවට ලබා ගැනීම මෙම සංචාරයේ අරමුණ බවයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් හෙළිදරව් කර තිබෙන්නේ.

එම සාකච්ඡාවට ජ.වි.පෙ පාර්ශවයෙන් නායක අනුර කුමාර දිසානායක මහතා හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සහභාගි වී ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 04 October 2021 09:48

Related items