May 18, 2024

උතුරු නැගෙනහිර ප්‍රශ්නය ඉවරයි: සියලු පාසල් ඔන්ලයින් වැඩ: මහජන ආරක්ෂක ඇමති

යළිත් විදුහල්පති ගුරු උද්ඝෝෂණ කරන්ඩ පැමිණියහොත් කරන දේ ගැන මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා අනතුරු අඟවා තිබෙනවා.

ඒ උද්ඝෝෂණ කරුවන්ට එරෙහිව දැඩි පියවරක් ගත යුතු බැවින් පොලිසිය භාර ඇමතිවරයා හැටියට තමා ඉතා දැඩිව ඒ සම්බන්ධයෙන් ක්‍රියාකරන බවටයි.

දැඩි පිලිවෙත

විදුහල්පති - ගුරු උද්ඝෝෂණකරුවන් සම්බන්ධයෙන් මෘදු ප්‍රතිපත්තියක් අනුගමනය නොකළ යුතු බව තමා සැමට මණ්ඩල රැස්වීමේ දී පවා ප්‍රකාශ කොට තිබෙන බවත් වීරසේකර අමාත්‍යවරයා අවධාරණය කරනවා.

"ඔය ජෝසෆ් ස්ටාලින්ව උස්සගෙන ගියේ මම විතරයි" යැයිද සඳහන් කරන අමාත්‍යවරයා උතුරු - නැගෙනහිර සියලු පළාත් වල ගුරුවරුන් දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය ලබා දෙන බවට හෙලිදරව්වක්ද කරනවා.

එපමනක් නොව ගුරුවරුන්ගේ ප්‍රශ්නය සාධාරණ වුණත් අසාධාරණ වුණත් වර්ජනය සාධාරණය කිරීමට නොහැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කරන්නේ ඊට හේතුවද පෙන්වා දෙමින්.

ඒ වර්ජනය නිසා තැලෙන්නේ අසරණ දරුවන් වීම බවයි.

අමාත්‍යවරයාට ප්‍රතිචාර

උතුර - නැගෙනහිර පාසැල් වල ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක වන බවට අමාත්‍යවරයා කළ ප්‍රකාශයට උතුරු පළාත් ගුරු සංගමය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා ගුරු සංගමයේ උතුරු පළාත් සම්බන්ධීකාරක තිපන් තිලිබන් මහතා.

ඔහු සඳහන් කරන්නේ අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ සම්පූර්ණ අසත්‍යයක් බවයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 03 October 2021 01:48