May 19, 2024

කබ්රාල්ගේ තනතුර අනතුරේ - පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට

September 23, 2021

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත්වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම

පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ මහ බැංකු අධිපතිවරයා ලෙස කබ්රාල් මහතා පත් කිරීමට ජනපතිවරයා ගත් තීරණය බල රහිත කරන ලෙසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා වශයෙන් පත් වූ කබ්රාල් මහතාට රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී තිබීම එම පෙත්සම් වලට පාදක වු හේතුව වී තිබෙන්නේ.

පෙත්සම්කරුවන් වග උත්තරකරුවන් ලෙස ජනපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයාත් , මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ , ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර , අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්තුරුන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් දෙපල

අදාළ පෙත්සම් දෙක ඉදිරිපත් කර තිබෙන්නේ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරු දෙපලක්.

ඒ එම පක්ෂයේ මහ ලේකම්වරයාද වන රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ මනුෂ නානයක්කාර යන මහත්වරුන්.

මීට පෙර හිටපු දකුණ හා මධ්‍යම ආණ්ඩුකාරවරයෙකු වූ කීර්ති තෙන්නකෝන් මහතාද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළා.

ඒ ඉකුත් 14 වැනිදා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 September 2021 17:07