May 04, 2024

රන්ජන්ට නිදහස ලබා ගැනීමේ සටනට ඇමතිවරයෙකුගේත් සහය Featured

September 23, 2021

රන්ජන් රාමනායක මහතාට ජනපති සමාව ලබා ගැනීමේ සටනට ප්‍රථම වරට ආණ්ඩුවේ අමාත්‍යවරයකුගේද සහය හිමිව තිබෙනවා.

ඒ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ.

දඬුවම් එකක් නොව දෙකක්

රන්ජන් රාමනායක මහතාට ලබාදී තිබෙන්නේ එක දඬුවමක් නොව දඬුවම් දෙකක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඉන් එක් දඬුවමක් වන්නේ අධිකරණයෙන් ලබා දුන් දඬුවම බවත් අනික් දඬුවම වන්නේ ලක්ෂ එක හමාරකට ආසන්න ජනතා කැමැත්තෙන් තේරී පත් වූ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම බව අමාත්‍යවරයා අවධාරණය කරනවා.

පුද්ගලික මතය

තමාගේ පුද්ගලික මතයට අනුව එසේ දඬුවම් දෙකක් ලබා දීම පුරවැසියෙකුට ලබාදිය හැකි බරපතල දඬුවමක් බව පෙන්වා දෙන අමාත්‍යවරයා එය බරපතළ වැඩි බවයි සඳහන් කරන්නේ.

ජනපතිවරයා හෝ ආණ්ඩුව රාමනායක මහතා දෙස වෛරයෙන් , ද්වේශ සහගතව නොබලන බවද පෙන්වා දෙන අමාත්‍යවරයා ඔහු පිළිබඳව ධනාත්මකව කල්පනා කළ යුතු යැයිද යෝජනා කරනවා.

ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශකයාද වන අමාත්‍යවරයා මෙම ස්ථාවරයන් පල කළේ කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර හතරක හතරක සිර දඬුවමක් විදිමින් සිටිනවා. ඒ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ.

සිර දඬුවම් හේතු කොටගෙන පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයද රාමනායක මහතාට අහිමි වුණා.

Rate this item
(4 votes)
Last modified on Thursday, 23 September 2021 10:28