May 02, 2024

"අල්ලා දෙයියන්ගේ බෝම්බ ප්‍රහාරය ගැන නිහඬ ඇයි" - ශානික්‍යන් රාසමානික්කම් අලි ෂබ්රිගෙන් අසයි

September 22, 2021

පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කළේ අල්ලා දෙවියන් බවට ගලගොඩ අත්තේ ඥාණසාර හිමි කරන ප්‍රකාශයට ආණ්ඩුව සමග සිටින මුස්ලිම් මන්ත්‍රීවරුන් නිහඬව සිටින්නේ ඇයි දැයි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ශානික්‍යන් රාසපුත්‍රම් රාසමානික්කම් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.

මන්ත්‍රීවරයා එම ප්‍රශ්න කිරීම කරන අවස්ථාවේ අධිකරණ ඇමති අලි ෂබ්රි මහතාද පාර්ලිමේන්තුවේ සිටි අතර ඔබගේ අල්ලා දෙවියන් පාස්කු ප්‍රහාරය එල්ල කළ බවට ඥානසාර හිමි කරන ප්‍රකාශයට විරුද්ධ නොවන්නේ මන්දැයි ප්‍රශ්න කලා.

මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ඉරණම

එපමණක් නොව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මෙන්ම වරාය පනත් කෙටුම් පතට පක්ෂව ආණ්ඩුව සමග ඡන්දය දුන් මුස්ලිම් මන්ත්‍රීවරුන්ට අද ආණ්ඩුව නොසලකා හරින බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

යළිත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමි කරන ප්‍රකාශය පිළිබඳව පරීක්ෂණයක් නොකරන්නේ මන්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරනවා.

එමෙන්ම මේ රටේ යළි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට උන් වහන්සේ කරන ප්‍රකාශය මත මෙරටට සංචාරකයන් හෝ විදේශ ආයෝජකයන් නොඑන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

ඥානසාර හිමිගේ භූමිකාව

මේ වන විට උන් වහන්සේ ජනපතිවරයාගේ උපදේශකයා ලෙස කටයුතු කරන බව මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

එමෙන්ම තමා සමගි ජන බලවේගයට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණටද ස්තුතිවන්ත වන බව මන්ත්‍රීවරයා සඳහන් කළේ ජනපතිවරයා දෙමළ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා පැමිණෙන ලෙස කළ ආරාධනයට දක්වපු ප්‍රතිචාරය අගය කරමින්.

ආණ්ඩුවක සිටිමින් එක්සත් ජාතික පක්ෂය හෝ සමගි ජන බලවේගය එවන් ආරාධනයක් කොටි ඩයස්පෝරාවට කළ අවස්ථාවක විපක්ෂ නායකවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා සිටියේ නම් මේ වන විට රට ගිනි තබා අවසන් බවද මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

විපක්ෂයට ස්තුතිය

සමගි ජන බලවේගයට තමන් ස්තුතිවන්ත වන්නේ එවන් ජාතිවාදී ප්‍රතිචාරයක් නො දැක්වීම නිසා බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

සිය කථාව අතරතුර කජු වගාව සඳහා නැගෙනහිර පළාතේ ඉඩම් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලබාදී ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ බුලත් විට කන මිනිස්සු නාම යෝජනා දීලා පාර්ලිමේන්තු ආවම වෙන්නේ ඕක තමයි යයිද ප්‍රකාශ කරමින්.

මන්ත්‍රීවරයා සිය කතාව කරගෙන ගියේ ආණ්ඩු පක්ෂයේ බාධා කිරීම හා විරෝධතා මැද.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 22 September 2021 21:43