May 11, 2024

ඩයනා ගමගේ ආණ්ඩුවට ආපු වෛරසයක්: අප්පුහාමිගෙන් කට කැඩෙන කතාවක්

September 21, 2021

පොහොට්ටුවට ආ වෛරසයක් පිළිබඳ සමගි ජන බලවේග මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නා.

ඒ හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයයි.

කොටි ඩයස්පෝරාව

එම සිද්ධිය ඇති වූයේ ඔහු සභාව අමතමින් සිටින තුරදී ඊට බාධා කරමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරියක් දැක්වූ අදහස් සමගින්.

අප්පුහාමි මන්ත්‍රීවරයා සභාව අමතමින් කතා කළ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටින දෙමළ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව කරන කෙනෙහිලිකම් පිළිබඳව අවධාරණය කළා.

එසේ කෙනෙහිලිකම් කරන ආණ්ඩුවේ ප්‍රධානියා වන ජනපති දැන් කොටි ඩයස්පෝරාවට එක් වන ලෙස ආරාධනා කළ බවත් සඳහන් කළා.

මන්ත්‍රීවරියගේ ස්ථාවරය

ඒ අවස්ථාවේ ස්ථාවර නියෝග යටතේ නැගී සිටි සමගි ජන බලවේගයේ සිට ආණ්ඩුවට පැමිණි ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ප්‍රශ්න කළේ ජනපතිවරයා කොටි ඩයස්පෝරාවට ආරාධනා කිරීමේ ඇති වැරැද්ද කුමක්ද කියායි.

අභාවප්‍රාප්ත මංගල සමරවීර අමාත්‍යවරයාද යහපාලන ආණ්ඩු සමයේ ද කොටි ඩයස්පෝරාවට ආරාධනාවක් කළ බවද මන්ත්‍රිවරිය එහිදී මතක් කර දුන්නා.

ඊට පිළිතුරු දෙමින් අප්පුවාගේ මන්ත්‍රීවරයා සඳහන් කළේ මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවට පරක්කු වී පැමිණ කතා කළේ කුමක්දැයි නොදැන කියවන බවයි.

එතනින් නොනැවතුණු අප්පුහාමි මන්ත්‍රීවරයා ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ආණ්ඩුවට පැමිණි වෛරසයක් බවද සඳහන් කළා.

ඩයනා ගමගේ මහත්මිය සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ අවස්ථාවේ පක්ෂය ගත් මතයට පිටින් යමින් ආණ්ඩුවත් සමග ඊට පක්ෂව ඡන්දය දී ආණ්ඩුවට එකතු වුන මන්ත්‍රීවරියක්.

Rate this item
(3 votes)
Last modified on Tuesday, 21 September 2021 17:10

Related items