May 06, 2024

සුරාසැල් වලින් රජයට කෝටි 500 ක් ලැබෙනවා - පොහොට්ටු මන්ත්‍රී කියයි

September 21, 2021

සුරාසැල් විවෘතව තැබුනොත් දිනකට රුපියල් කෝටි 500 ක් රජයට ලැබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාවල මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසූවේ බලන්ගොඩ ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළා.

"සුරාසැල් විවෘත කරන්න කියන එකට මම එකඟ වෙන්නේ නැහැ. නමුත් මේ වෙලාවේදී අපි හැම පැත්තක් ගැනම බලන්න ඕනේ. සුරාසැල් කියන්නේ මහ ලොකු යකෙක් වගේ එකක් නෙවෙයි. ඔය කියන ඔක්කොම විරෝධය දක්වනවානම් අපි දැක්කා සුරාසැල් විවෘත කල දා කිලෝමීටර් ගණන් දිග පෝලිම් තියෙනවා. සුරාසැල් වලට විරුද්ධව කතා කරන අය තමයි සුරාසැල් ඉදිරිපිට පෝලිම් වල ඉදිරියෙන්ම ඉන්නේ.

"නිිති විරෝධි මත්පැන් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. නීති විරෝධි මත්පැන් පෙරන ස්ථාන වලට ගිහිල්ල එක වීදුරුවෙන් මහා කලබලෙන් මත්පැන් පානය කරල එනවා. මොන ජරාව, මොන වස විස ඒවයේ තියනවාද නැද්ද කියල කවුද දන්නේ" මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 September 2021 11:36