May 18, 2024

වීරසේකර "හිට්ලර්ට" අඳින්න හදනවා - ගුරු වැඩේ දුර දිග ගියේ ඔහු නිසා - මන්ත්‍රී රිදෙන්නම දෙයි

September 20, 2021

සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක අමාත්‍යධූරය නොසිටින්නට ගුරු උද්ඝෝෂණය මෙච්චර දුරදිග යන්නේ බවට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ජගත් කුමාර මන්ත්‍රීවරයා හෙළිදරව්වක් කර තිබෙනවා.

එදා ඔහු යටතේ තිබෙන පොලීසිය පොලීසිය උද්ඝෝෂණය කළ වෘත්තීය සමිති නායකයින් මෙන්ම ස්වාමීන් වහන්සේද නිරෝධායනය කරන්නට කියා හතර ගාතෙන් ඇදගෙන ගිය නිසා සමාජය තුළ උද්ඝෝෂණ කළ පිරිස පිළිබඳ අනුකම්පාවක් ඇති වූ බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

වීරසේකර අඳින චරිතය

ජගත් කුමාර මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන්නේ සරත් වීරසේකර අමාත්‍යවරයා තමාට එරෙහිව විනය පරීක්ෂණයක් කරන ලෙස පොදුජන පෙරමුණෙන් ඉල්ලීමට ප්‍රතිකාර ලෙසයි.

වීරසේකර අමාත්‍යවරයා දැන් හිට්ලර් වීමට උත්සාහ දරන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ඊට අදාළ කරුණු සහිතව.

උද්ඝෝෂණ කරන්නන් ත්‍රස්තවාදීන් ලෙසත්, හරි දේ කතා කරන මිනිසුන්ට එරෙහිව විනය පරීක්ෂණ ඉල්ලන්නෙත් ඒ නිසා බව සඳහන් කරන මන්ත්‍රීවරයා ලොකුගේ හා වීරසේකර ඇමති දෙපලටම පුලුවන්නම් එකට එකතු වී මාධ්‍ය සාකච්ඡා තබන ලෙසත් අභියෝගයක් කරනවා.

එසේ කළහොත් තමාද ඊට ප්‍රතිචාර දක්වන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

සිද්ධි දාමයට මුල

මෙම සිද්ධි දාමයට මුල් වී තිබෙන්නේ පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයා ගාමිණී ලොකුගේ අමාත්‍යවරයාගේ අවශ්‍යතාවයට වීරසේකර අමාත්‍යවරයා විසින් ස්ථාන මාරු කිරීම හේතු කොටගෙන.

ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා මෙන්ම ඇමැති දෙපළ එකිනෙකාට එරෙහිව දොස් පවරා ගැනීම් දිගටම සිදු වුණා.

අදාල අමාත්‍යවරුන් දෙදෙනා මෙන්ම පොහොට්ටු ලේකම්වරයාද ඉතිහාසයේ දන්නේ නැති බව සඳහන් කරන මන්ත්‍රීවරයා 2015 ජනවාරි 8 ජනපතිවරණය පැරදුණු මහින්ද රාජපක්ෂ මහතා යළි දේශපාලනයට ගෙන ඒමට මුල් වූ පුද්ගලයකු ලෙස තමන්ව හඳුන්වා දෙනවා.

එම වර්ෂයේ පෙබරවාරි 16 මුලින්ම මහින්ද රාජපක්ෂ මහතා යළි වේදිකාවට ගෙන තංගල්ලේ රැස්වීමක් තැබුවේ තමා බවද මතක් කර දෙන මන්ත්‍රීවරයා එදා අද ඔය කෑ ගහන ඇමතිවරු විවිධ චෝදනා වලට බයේ සැඟවී සිටි බවයි අනාවරණය කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 20 September 2021 20:02