May 13, 2024

ජගත් කුමාරට තියෙන අවුල ඔය තට්ටුව: ලොකුගේගෙන් ප්‍රතිචාර

September 19, 2021

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩුවේම කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙකු සහ මන්ත්‍රීවරයකු ගැටුමකට මුල පුරා තිබෙනවා.

ඒ පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයා මාරු කිරීම මුල් කොටගෙන.

මන්ත්‍රීගේ තීන්දුව

එම ස්ථාන මාරුවට විරෝධය දැක්වීම වස් පාදුක්ක සම්බන්ධීකරණ කමිටු සභාපති ජගත් කුමාර මහතා එම ධූරයෙන් ඉල්ලා අස් වෙමින් ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරුන් දෙදෙනෙකුට චෝදනා කර තිබුණා.

ඒ ගාමිණි ලොකුගේ හා සරත් වීරසේකර යන අමාත්‍යවරුන්ට.

මේ වන විට ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා පෙරළා ජගත් කුමාර මන්ත්‍රීවරයාට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඇමති කියන කතාව

ජගත් කුමාර ගැන තමා කනගාටු වන බව සඳහන් කරන ලොකුගේ අමාත්‍යවරයා කටුස්සාට රත්තරන් බැන්දම අං එනවා වගේ ජගත් කුමාර මන්ත්‍රීවරයාටත් අං ඇවිත් තිබෙන බවයි සඳහන් කරන්නේ.

එසේ නැතුව තමන් හා ඔහු අතර කිසිදු ගැටුමක් හෝ ප්‍රශ්නයක් නැති බවත් ලොකුගේ අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඒත් ජගත් කුමාර මන්ත්‍රීවරයාට තමන් සමග බොහෝ කේන්ති ගිහින් තිබෙන බව පේන්න තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඉතිහාසය ගැන පාඩමක්

තමාගේ දේශපාලන ඉතිහාසයද ජගත් කුමාර මන්ත්‍රීවරයාට මතක් කර දෙන ලොකුගේ අමාත්‍යවරයා තමන් 1983 සිට අද වෙනකම්ම සෑම මැතිවරණයක්ම ජයග්‍රහණය කර තිබෙන බවත් අවධාරණය කරනවා.

පොලිස් නිලධාරීන්ව මාරු කරන්න කවුද ඉල්ලලා තියෙන්නේ නැත්තේ කියලා ලිපි ගනු එක්ක කතා පරණ ලෙසටද අමාත්‍යවරයා මන්ත්‍රීවරයාට අභියෝගයක් කිරීමටද අමතක කර නැහැ.

මෙම සිද්ධියට සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙස ජගත් කුමාර මන්ත්‍රීවරයා කල් දී තිබෙන්නේ එළඹෙන 27 වැනි දා දක්වා පමණයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 18 September 2021 20:25