May 04, 2024

කබ්රාල්ගේ මන්ත්‍රී පුටුව කැටගොඩට දෙන්න අනුමැතිය Featured

September 17, 2021

ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මැතිවරණ කොමිසමට එවනු ලැබු ජයන්ත කැටගොඩ මහතාගේ නමට එම කොමිසමේ අනුමැතිය හිමි ව තිබෙනවා.

ඒ අද(17) පෙරවරුවේ එම කොමිසමේ සාමාජිකයන් රැස් වූ අවස්ථාවේදී යි.

ඒ අනුව එය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මේ අතර කොරෝනා වසංගතය හේතුවෙන් මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීම් කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 3ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වෙනවා.

පසුගිය සතියේ පාර්ලිමේන්තු කටයුතු දින දෙකකට පමණක් සීමා වුණා.

Rate this item
(0 votes)

Related items