May 19, 2024

කබ්රාල් කඩිමුඩියේම වැඩ බාර ගනි

September 15, 2021

අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15) මහ බැංකු අධිපති ධූරයෙන් වැඩ භාර ගත් බවයි වාර්තා වන්නේ.

16 වැනි මහ බැංකු අධිපති

ඒ 16 වැනි මහ බැංකු අධිපතිවරයා ලෙස.

එහෙත් කබ්රාල් මහතා කලින් ප්‍රකාශ කර තිබුණේ හෙට (16) උදෑසන 8ට එම ධූරයේ වැඩ භාරගැනීමට නියමිත බවයි.

පත්වීම අභියෝගයට

කබ්රාල් මහතාගේ පත්වීම අභියෝගයට ලක් කරමින් එම පත්වීම අත්හිටුවන ලෙස ආඥාවක් ලබා ගැනීම සඳහා හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ කීර්ති තෙන්නකෝන් මහතා ඊයේ (14) අභියාචනාධිකරණයට පෙත්සමක් ද ඉදිරිපත් කළා.

ඔහු එම පෙත්සම අද (15) විභාගයට ගන්නා ලෙසත් ඉල්ලා සිටියා.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර වත්මන් රජයේ රාජ්‍ය අමාත්‍ය ධුරයක්ද දරුවා.

හිටි හැටියේ ගත් තීන්දුව

කිසිවකුත් බලාපොරොත්තු නොවූ පරිදි කබ්රාල් මහතා එම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඉතා කෙටි කලක් තුළ යළිත් මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීම බාරගත්තා.

ඔහු මීට පෙර 2006 - 2015 කාල සීමාව තුළද මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළා.

අපි මහින්ද රාජපක්ෂ මහතා ජනපති ධුරය දරද්දී.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 15 September 2021 18:23