April 28, 2024

හිර ගෙවල් වලට පැනපු රාජ්‍ය ඇමති එළියට - රූ රැජිණකුත් ඉඳලා

September 15, 2021

ආන්දෝලනයට තුඩුදුන් වැලිකඩ බන්ධනාගාරයට සහ අනුරාධපුර බන්ධනාගාරයට බීමතින් පැනපු රාජ්‍ය අමාත්‍යවරයා බන්ධනාගාර භාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බව "ද මෝර්නි" පුවත්පත වාර්තා කර තිබෙනවා.

දණ ගැස්වූ සිරකරුවන්

අනුරාධපුර බන්ධනාගාරයට පසුගිය ඉරිදා සවස ඇතුල්වී ඇති රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා කොටි සැකකරුවන් දෙදෙනෙකු ඔහු ඉදිරියේ දණ ගස්වා ආයුධ පෙන්වා තර්ජනය කර ඇති බවත් එම පුවත්පත වාර්තා කරනවා.

එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කරන්නේ දෙමළ ජනතා පෙරමුණේ මන්ත්‍රී ගජන් පොන්නම්බලම් මහතාද ඒ බව තහවුරු කර ඇති බවයි.

ආන්දෝලනාත්මක රූ රැජින

වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට බීමතින් ඇතුළු වූ රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස පැමිණි වාහනය පදවා තිබෙන්නේ මෑතකදී පැවති ආන්දෝලානාත්මක රූ රැජින තරඟයේ ජයග්‍රාහිකාවක බවද එම පුවත්පත වාර්තා කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදාළ පුවත්පත ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් කරුණු විමසා ඇති අතර ජනමාධ්‍ය විසින් වාර්තා කර ඇති සිදුවීම් කිසිවක් සිදු වී නැති නිසා ඒ පිළිබඳව අදහස් දැක්වීමේ අවශ්‍යතාවක් නැති බවයි සඳහන් කර තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 15 September 2021 13:15

Related items