May 04, 2024

රන්ජන්ට ජනපති සමාව පමා ඇයි?

September 14, 2021

ලෝක සිරකරු දිනය යෙදී තිබුණේ ඉකුත් 12 වැනිදාට.

එදිනට සිර දඬුවමක් විඳිමින් සිටින රන්ජන් රාමනායක මහතා නිදහස් කරතැයි බොහෝ දෙනෙක් අපේක්ෂා කළා.එහෙත් ඒ බලාපොරොත්තු සඵල වුණේ නැහැ.

ජනපති මතය

රජයේ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට රන්ජන් රාමනායක මහතාට ජනපති සමාව දීම සම්බන්ධයෙන් ජනපතිවරයාගේ අකමැත්තක් නැති බවයි වාර්තා වන්නේ.

එහෙත් ඒ සඳහා තව ටික කාලයක් කාලයක් ගතවනු ඇති බවයි එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

රන්ජන් රාමනායක මහතාට ජනපති සමාව ලබා දිය යුතු මුත් ඔහුට තව ටිකක් දැනෙන්න ඉඩ හැරිය යුතු බවටද මත පළ කරන පිරිසකුත් ආණ්ඩුව තුළ සිටින බවයි දැනගන්නට තිබෙන්නේ.

ඒ ගැන සමගි ජන බලවේගයේ ඇතැම් ජේෂ්ඨයන්ද දැනුවත් බවයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

නිදහස ගැන ඉල්ලීම

රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සඳහා ලිඛිත ඉල්ලීම ජනපතිවරයා වෙත කළ යුතුව තිබුණා.

එය ජනපතිට ලබා දුන්නේ ඉකුත් අගෝස්තු 31 වෙනි දින.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්.

නිදහස් කිරීමේ ක්‍රියා පිලිවෙත

ඒ සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාගේ නඩු තීන්දුව ලබා දුන් විනිසුරු මඩුල්ලෙන්ද විමසීමක් ජනපතිවරයා කළ යුතුව තිබෙනවා.

ඒ සඳහාද ටික කාලයක් ගතවනු ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඉතා නුදුරේම රන්ජන් රාමනායක මහතාට ජනපති සමාව හිමි වන බව රජයේ ආරංචි මාර්ග තහවුරු කරනවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත රන්ජන් රාමනායක මහතා මේ වන විට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ වසර 4 ක සිර දඬුවමක් විඳිමින් සිටින්නේ.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 14 September 2021 12:36