April 28, 2024

ඇමති ජී.එල්. පිරීස් අද මානව හිමිකම් කවුන්සිලය අමතයි

September 14, 2021

විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පිරීස් මහතා අද (14) දිනයේ එක්සත් ජාතික මනාව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරය ඇමතීමට නියමිතයි.

මෙහිදී ඊයේ (13) දිනයේ මානව මිහිකම් කොමසාරිස්වරිය විසින් එල්ල කළ චෝදනාවලට අමාත්‍යවරයා විසින් පිළිතුරු ලබාදෙනු ඇති බවද සඳහන් වෙනවා.

හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීම, සිවිල් ක්‍රියාකාරීන් මර්දනය ඇතුළු චෝදනා රැසක් ඊයේ දිනයේ ශ්‍රී ලංකාව වෙත එල්ල වුණා.

අද දිනයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පළ වූ මෙම වාර්තාව විවාදයට ගැනීමට නියමිතව ඇති අතර සාමාජික රටවල් ඇතුළු සිවිල් සංවිධානයන් ගණනාවක් මේ පිළිබඳව අදහස් දැක්වීමට නියමිතයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 14 September 2021 09:06