April 27, 2024

මානව හිමිකම් කොමිසම අධිකරණයක් නෙවෙයි: ස්වෙච්ඡා සංවිධානයක් - නියෝග දෙන්න බැහැ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කරගත් යෝජනා 16 සම්බන්ධයෙන් මින් ඉදිරියට ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කරන්නේ එම කවුන්සිලයේ මහ ලේකම්වරිය බව හිටපු මානව හිමිකම් කොමසාරිස් නීතිඥ, මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පෙන්වා දෙයි.

මහානාමහේවා මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කරගත් යෝජනා සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ ඉදිරි ක්‍රියාමාර්ග කෙසේ වේදැයි ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

මානව හිමිකම් කවුන්සිලය අධිකරණයක් නොවෙන ස්වේච්ඡා සංවිධානයක් බව පෙන්වා දෙන මහානාමහේවා මහතා ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කරගත් යෝජනා ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකාවට නියෝග දීමට මහ කොමසාරිස්වරියට අයිතියක් නොමැති බවද සදහන් කරයි.

එහෙත් ශ්‍රී ලංකාව දිගින් දිගටම අදාළ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය නොදෙන්නේ නම් එම කාරණය මානව හිමිකම් කවුන්සිලයේ ආරක්ෂක කවුන්සිලය වෙත වාර්තා කිරීමට මානව හිමිකම් කවුන්සිලයේ මහලේකම්වරියට හැකියාව තිබෙන අතර ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පනවනවාද නැද්ද යන්න තීරණය කරන්නේ එම කවුන්සිලයෙන් බව පෙන්වා දෙන මහානාමහේවා මහතා එවැනි තත්වයක් ඇති වුවහොත් චීනයට සිය නිශේධ බලය පාවිච්චි කොට එම යෝජනාව ප්‍රතික්ෂේප කරවීමට හැකි බව ද සඳහන් කරයි.

සම්බාධක පැනවීම සඳහා වූ ක්‍රියාදාමය ඉතා දීර්ඝ ක්‍රියාදාමයක් බව පෙන්වා දෙන මහානාමහේවා මහතා ශ්‍රී ලංකාව මීට පෙර මානව හිමිකම් කවුන්සිලයට එකඟ වූ දේශීය යාන්ත්‍රණයන් කඩිනමින් ස්ථාපිත කිරීමත්, ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයෙහි පැවැති ඡන්දයේදී ඡන්දය දීමෙන් වැළකුණු රටවල් දිනා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 26 March 2021 16:15