May 19, 2024

(EXCLUSIVE) රාජ්‍ය ඇමති මන්ත්‍රී කමෙන් ඉල්ලා අස්වෙයි: ලිපිය ලබන සතියේ

September 11, 2021

තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළා.

එම ඉල්ලා අස්වීමේ ලිපිය තාම භාරදී නොමැති මුත් එය ඉදිරි සතියේ මුල් දින කිහිපයේ බාරදෙන බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

කබ්රාල් මහතා පාර්ලිමේන්තුවට පත් වූයේ පොදුජන පෙරමුණ  ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙසයි.

ජනපති කළ ඉල්ලීම

මෙසේ හිටි හැටියෙම ඉල්ලා අස්වීමට හේතුව කුමක්දැයි කළ විමසුමට පිළිතුරු දෙමින් කබ්රාල් මහතා සඳහන් කළේ ජනපතිවරයා තමන්ගෙන් වෙනත් වගකිවයුතු ධූරයක් භාරගන්නා ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් බවයි සඳහන් කරන්නේ.

ඒ තමන් මීට පෙර වසර අට හමාරකට අධික කාලයක් අඛණ්ඩව දැරූ මහ බැංකු අධිපති ධූරය බවටත් කබ්රාල් මහතා හෙළිදරව කරනවා.

ඉකුත් 6 වෙනි සදුදා පාර්ලිමේන්තු සැසිය පැවැත්වීමෙන් පසු කබ්රාල් මහතාගේ මෙම ඉල්ලා අස්වීමේ ප්‍රවෘත්තිය රට හමුවේ අනාවරණය වුණා.

කැබිනට් සංශෝධනය

පසුගිය මාසයේ සිදු වූ කැබිනට් මණ්ඩල සංශෝධනයේදී නාමල් රාජපක්ෂ මහතාට දැනට දරන අමාත්‍ය ධුරවලට අමතරව ලබාදුන් සංවර්ධන කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍යධූරයට ඇතුලත් ආයතන ලෙස ලබා දුන්නේ එතෙක් කබ්රාල් මහතා දැරූ රාජ්‍ය ඇමති විෂය පථයට අයත් ආයතන හතරින් තුනක්ම පවරා දුන්නා.

මේ සම්බන්ධයෙන් කබ්රාල් මහතා යම් කලකිරීමක සිටි බව වාර්තා වුණා.

මේ නිසාම කබ්රාල් මහතා තමා යටතේ ඉතිරි ආයතනයත් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට ලබාදෙන ලෙස ලිඛිතව ජනපතිගෙන් ඉල්ලීමක්ද කර තිබුණා.

ඒ එම ආයතනය නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ලබාදුන් ආයතන සමග එකට යා වන ආයතනයක් බැවින් එම ඉල්ලීම කළ බවයි ඒ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට කබ්රාල් මහතා ඒ අවස්ථාවේ පිළිතුරු දුන්නේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 12 September 2021 11:33