May 17, 2024

ඒ මාෆියාවට කරන දේ ගැන ඇමති වීරසේකරගෙන් පාර්ලිමේන්තුවට සහතිකයක්

September 08, 2021

මේ දිනවල ආණ්ඩුව සිය අවධානය වැඩිපුර යොමු කර තිබෙන අංශයක් වන්නේ වෙළෙඳ මාෆියාවයි.

එම වෙළෙඳ මාෆියාව මර්දනය කර පාරිභෝගිකයාට සහන දීමට ආණ්ඩුවේ බොහෝ අංශ මැදිහත් වී තිබෙන අතර ඒ සඳහා මේ වන විට අත්‍යවශ්‍ය සේවා ජනරාල් කොමසාරිස්වරයකු පත් කර තිබෙනවා.

විවිධ අංශවල මැදිහත්වීම

මෙම මර්දන කණ්ඩායමක අලුතින්ම එකතු වී සිටින්නේ මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතායි.

මේ අවස්ථාවේ භාණ්ඩවල කෘතිම හිඟයක් මවා පෙන්වීම කැත වැඩක් බව පවසන අමාත්‍යවරයා ඕනෑම නීතියක් පනවා වෙළෙඳ මාෆියාව මර්දනය කරන බවට සහතිකයක්ද ලබා දුන්නා.

ඒ උත්තරීතර පාර්ලිමේන්තු හමුවේ.

පක්ෂ පාට භේද නැහැ

මේ වැඩේදි පක්ෂ පාට භේද නොසලකන බවද සඳහන් කළ අමාත්‍යවරයා ආහාර සුරක්ෂිතභාවය ජාතික ආරක්ෂාවේ අංගයක් වන බවට අර්ථ නිරූපණයන්ද කරුණු ලැබුවා.

ඒ වෙළෙඳ මාෆියාව මර්දනය කර ජනතාව ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීම නිසා වන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

විපක්ෂය අද කරන කාර්යභාරය ගැනද සිය මතය පළ කරමින් වීරසේකර අමාත්‍යවරයා සඳහන් කළේ විපක්ෂය රජය සමග එකතු වී වෛරසය විනාශ කිරීමට කටයුතු කරනවා වෙනුවට වෛරසය සමග එකතු වී ආණ්ඩුව විනාශ කිරීමට කටයුතු කරන බවයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 08 September 2021 15:21