May 19, 2024

"ගුරුවරු ත්‍රස්තවාදියෝ නෙවෙයි - අපි අරගලය නවත්වන්නේ නැහැ" - ජෝසෆ් ස්ටාලින්

September 03, 2021

කැබිනට් පත්‍රිකා හරහා ගුරු විදුහල්පති ගැටලුවට මීට පෙරද විසඳුම් ලබා දීමට නොහැකි වූ බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසනවා.

අද පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දැක්වුවා,

"අදට ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වර්ජනයට දින 55යි. කැබිනට් පත්‍රිකාවක් අනුමත කල පමණින් මොන අරගලයද නතර වෙන්නේ? මේක ක්‍රියාත්මක තලයට එන්න මොකක්ද අරගෙන තියෙන ක්‍රියාමාර්ගය? 1997 ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය පටන් ගත්තේ මේ අවුරුදු 24ක කාලය තුළ කැබිනට් පත්‍රිකා කීයක් ඇවිල්ලා තියෙනවද? කැබිනට් පත්‍රිකා හරහා මේ ප්‍රශ්නේ විසඳිලා නැහැ. වෙලා තියෙන්නේ රැවටීමක්. කැබිනට් අනු කාරක සභාව මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙන්නේ 2018 වැටුප් යෝජනාව. අපි පැහැදිලිවම කියන්නේ සුබෝධිනී කමිටු වාර්තාවේ කොටසක් හැටියට ඒක එකවර ගෙවන්න කියලා. ඒ කටයුතු කිරීම වෙනුවට විවිධ මඩ අවලාද ගහනවා. ගුරුවරු ත්‍රස්තවාදීන් නෙවෙයි ගුරුවරු නම්‍යශීලිව මේ ප්‍රශ්නය වෙනුවෙන් පෙනී සිටින්නේ."

Rate this item
(1 Vote)