May 19, 2024

ලංකා ගුරු සංගම් ලේකම් අත්අඩංගුවට

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

ඔහුට අමතරව තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව සඳහන්.

කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව අද (08) උදෑසන පාර්ලිමේන්තු වටරවුම අසළ මොවුන් උද්ඝෝෂණයක නිරත වූවා.

නිරෝධායන නීති උල්ලංඝණය කරමින් එය පැවැත්වූ බව සඳහන් කළ පොලීසිය මෙම පිරිස අත්අඩංගුවට ගත් බව යි වාර්තා වන්නේ.

ඊයේ දිනයේ මෙම හේතුව යටතේම පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට පත් වුණා.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා, ජාතික ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා, ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ද ඒ අතර වූවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 08 July 2021 13:43