May 19, 2024

ගුරු වෘත්තීය සමිතිවලින් අමාත්‍ය අනුකමිටුවට යෝජනාවක්

ගුරු - විදුහල්පති වෘත්තීය සමිති ගැටලුව විසඳීම සඳහා අමාත්‍ය අනුකමිටුවට කාලරාමුවක් යෝජනා කළයුතු බව ගුරු වෘත්තීය සමිති පවසනවා.

එසේ නොමැති නම් මෙම ගැටලුවට නිසි විසදුම් ඉතා ඉක්මණින් නොලැබෙනු ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

අද (13) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා මෙසේ සඳහන් කළා.

"අපි දැක්කා මේ ඇමති අනුකමිටුව ඊයේ ප්‍රකාශ කරනවා සියලු වෘත්තීය සමිති වෙන වෙනම හමුවෙලා සාකච්ඡා කරනවා කියලා. මෙච්චර ව්‍යයාමයක් අවශ්‍ය ඇයි. අපිට තියෙන්නේ එකයි. සුබෝධනී කමිටු වාර්තාව ක්‍රියාත්මක කිරීම සහ ගුරු සහ විදුහල්පති සේවාවන් සංවෘත සේවාවක් බවට පත් කිරීම. මේක දිගට දිගට යනවා නම් ඒ ක්‍රියාවලිය වෙන්නෙත් නෑ. අපි කියන්නේ මේ ඇමති අනුකමිටුවේ කටයුතුවලට කාල රාමුවක් අවශ්‍යයි කියලා."

Rate this item
(0 votes)