May 09, 2024

ශ්‍රීලනිප 70 වන සංවත්සරය හෙට චාම් ලෙස

September 01, 2021

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි සංවත්සරය හෙටට (02) යෙදී තිබෙනවා.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මහජන සහභාගීත්වයෙන් තොරව චාම් උත්සවයක් පමණක් පැවැත්වීමටයි පක්ෂ සභාපති , හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු දේශපාලන මණ්ඩලය තීරණය අර තිබෙන්නේ.

තීන්දු ගත් සාකච්ඡාව

මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

ඊට පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර , ජාතික සංවිධායක දුමින්ද දිසානායක , නිමල් සිරිපාල ද සිල්වා , මහින්ද අමරවීර , ලසන්ත අලගියවන්න , ශාන් විජේලාල් ද සිල්වා යන මහත්වරුන් සහ ඇතුළු පිරිසක් සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

ප්‍රධාන දේශන දෙකක්

හෙට (02) මහත් වෙන සංවත්සර උළෙලේ ආරාධිත දේශන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක යන මහත්වරුන් විසින් පැවැත්වීමට නියමිතයි.

70 වැනි සංවත්සරයට සමගාමීව ලේ දන්දීමේ එක් සටහනක්ද ශ්‍රී.ල.නි.පය ආරම්භ කර තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 01 September 2021 01:25