March 28, 2024

"මුළු රටම හරි මගට" කුණාටුවෙන් පසු ශ්‍රීලනීපය පස්ස ගහයි - විමල් පිල මග හරී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට විමල්-උදය-වාසු පිල මග හරිමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

විශේෂයෙන්ම "මුළු රටම හරි මගට" ප්‍රකාශනය ජනගත කිරීමේ රැස්වීමෙන් පසු මෙම තත්ත්වය දක්නට ලැබෙන බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

ශ්‍රීලනිප නියෝජනය

දේශපාලන කුණාටු රැසක් නිර්මාණය කළ අදාල රැස්වීමෙන් පසු විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ ඇමතිධුර වලින් ඉවත් කළා.

ඉන් පසුව ඒ සම්බන්ධයෙන් කරුණු කීමට පැවැත්වූ මාධ්‍ය හමුවට ශ්‍රීලනිපය වෙනුවෙන් සහභාගි වී සිටියේ කිසිවකුත් නොදන්නා කොළඹ ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයෙක්.

මෙම මාධ්‍ය හමුවේදී ශ්‍රීලනිපයේ සහභාගිත්වය නොමැතිවීම පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර එහිදී ප්‍රධාන මේසයට පිටුපසට වන්නට නිල්පාට කමිසයක් හැඳ සිටී පුද්ගලයකු තමා ශ්‍රී.ල.නි.පය නියෝජනය කරමින් පැමිණි බව ප්‍රකාශ කර සිටියා.

හදිසියේම මෙම මාධ්‍ය හමුව පිළිබඳව දැනුම් දීම නිසා ශ්‍රී.ල.නි.පය වෙනුවෙන් සිය නියෝජිතයකු එවා තිබෙන බව ඊට මැදිහත් විමල් වීරවංශ මහතාද ප්‍රකාශ කරන අයුරුයි දක්නට ලැබුනේ.

නිවසේ පැවති සාකච්ඡාව

එම මාධ්‍ය හමුවෙන් පසු ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 11 නායකයින් විමල් වීරවංශ මහතාගේ නිවසේදී නිවසේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඊටද ශ්‍රී.ල.නි.පය වෙනුවෙන් කිසිවෙකු සහභාගී නොවූ බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අතර ජනපතිවරයා විසින් ශ්‍රී.ල.නි.ප යට සාකච්ඡාවක් සඳහා ආරාධනාවක් කර තිබෙනවා.

ඒ තිබෙන ප්‍රශ්න තමන් සමග සාකච්ඡා කර විසඳා ගන්නා ලෙසටයි.

Rate this item
(3 votes)
Last modified on Sunday, 06 March 2022 13:19