May 03, 2024

"පාස්කු ප්‍රහාරයේ නොපෙනෙන පැත්තක් තියෙනවා"

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ මතුපිටින් පෙනෙන දේට වඩා නොපෙනෙන පැත්තක් ඇති බව පෙනෙන්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් පවසනවා.

මෙම ප්‍රහාරයේ සත්‍ය යටපත් කිරීමට කවුරුන් හෝ උත්සාහ ගන්නේ නම් ඔවුන් බොඳ කර, ඔවුන්ගේ බලය අඩු කර, හෘද සාක්ෂිය අනුව වෙනුවෙන් පෙනීසිටීමේ ශක්තිය ලබා දෙන්නැයි දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටින බව ද කාදිනල්තුමන් පෙන්වා දුන්නා.

මෙම ප්‍රහාරයේ තොරතුරු යටපත් කර අත සෝදාගන්නට මිනිසුන් උත්සාහ කළත් දෙවියන් වහන්සේ එයට ඉඩ නොදෙනු ඇතැයි කාදිනල්තුමන් සඳහන් කළා.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට මාස 28 ක් ගතවුවත් එයට වගකිවයුත්තන් හෙළිනොවීම සම්බන්ධයෙන් දිවයින පුරා ඊයේ (21) ක්‍රියාත්මක කළ විරෝධතාවයට සමගාමීව අගරදගුරු මැදුරු දෙව් මැදුරේදී පැවති විශේෂ යැදුම් මෙහෙයට එක්වෙමිනි.

Rate this item
(0 votes)