April 23, 2024

පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙකු සදහටම සැඟවෙයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට සම්බන්ධ බවට රක්ෂිත බන්ධනාගාරගත කොට සිටි සැකකරුවෙකු මරණයට පත්ව තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙම පුද්ගලයා මරණයට පත්ව ඇති බව සඳහන්.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ මොහොමඩ් කලීම් නමැති සැකකරුවෙක්.

ඔහු කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවන අතර ඔහුගේ වයස අවුරුදු 42ක් බව යි වාර්තා වන්නේ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙම පුද්ගලයා නොවැම්බර් 23 වැනි දා බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කොට තිබෙනවා. 

කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය අයහපත් වීම හේතුවෙන් දෙසැම්බර් 05 වැනි දා ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට ඇත්තේ නේවාසික ප්‍රතිකාර සඳහා යි.

එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී යි මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මළ සිරුර මේවන විට කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති බව පුවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

Rate this item
(2 votes)