May 18, 2024

ඇමැති බැසිල්ට තවත් බලය දෙයි! අලුතින් පැවරූ වගකීම මෙන්න

දේශීය වෙළඳපොලේ පවතින කිරි පිටි හිඟය සම්බන්ධයෙන් පෙරේදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අවදානය යොමුව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු අධ්‍යනය කර දේශීය වෙළඳපොලේ කිරිපිටි මිල ඉහළ දැමීමකින් තොරව කිරි පිටි ආනයනය කිරීම සඳහා පවතින බදු සංශෝධනය කිරීම හෝ වෙනත් යෝග්‍ය ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමටයි අමාත්‍ය මණ්ඩලයේ අවදානය යොමුව ඇත්තේ.

ඒ අනුව ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීමේ බලය මුදල් අමාත්‍යවරයා වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

කිරිපිටි ආනයනය කිරීම සඳහා දැනට පවතින බදු අනුපාත සංශෝධනය කිරිම මඟින් හෝ වෙනත් සුදුසු ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම මඟින් හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව එහිදි තීරණය වී තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 11 August 2021 00:56