May 17, 2024

රන්ජන් රාමනායකටත් කොවිඩ්! 

සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට කොරෝනා වෛරස් ආසාදිතයෙකු බවට අනාවරණ වී තිබෙනවා.

ඔහු මේවන විට සිරගතව සිටින්නේ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේයි.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පසුගියදා සිය ඥාති නිවසක පැවති අවමංගල්‍ය උත්සවයකට ද පැමිණ සිටියා.

ඒ මීගමුවේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබූ අභාවප්‍රාප්ත සිය නැන්දනියකගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහායි.

දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසුව රන්ජන් රාමනායක මහතා යළිත් දැඩි ආරක්ෂක රැකවල් මැද බන්ධනාගාරයට රැගෙන ගියා.

එම අවස්ථාවට පැමිණ සිටි දේශපාලනඥයන් කිහිප දෙනෙකු ද මන්ත්‍රීවරයා සමග සුහද කතා බහක නිරතවී තිබුණා.

Rate this item
(0 votes)