May 05, 2024

ගුරු වැටුප් ගින්නට පුළුන්! ඊයේ සිදුවූ දෙයින් තත්ත්වය දරුණුවන ලකුණු!

උද්ඝෝෂණයේ යෙදෙන ගුරු / විදුහල්පති වෘත්තීය සමිති නායකයින් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගය තමන් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, නිරෝධායන නීතිවලට මුවා වී සේවක උද්ඝෝෂණ මර්ධනය කිරීම මෙම අත්අඩංගුවට ගැනීම්වල අරමුණ බව යි.

ආණ්ඩුවේ පිළිතුර වන්නේ එය නම් සටන් මාර්ග තීව්‍ර කිරීමට වෘත්තීය සමිති ව්‍යාපාර ලෙස තමන් හට සිදුවනු ඇති බවට ද ඔවුන් අනතුරු අඟවනවා.

එබැවින් අත්අඩංගුවට ගත් සියළු ගුරු / විදුහල්පතිවරුන් වහාම නිදහස් කරන ලෙසත්, ගුරු ගැටළුවට විසඳුමක් ඉදිරිපත් කරන ලෙසත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

අදාළ නිවේදනය පහතින්...

Rate this item
(2 votes)
Last modified on Thursday, 05 August 2021 11:36