May 17, 2024

රන්ජන් මාංචු පිටින් පැමිණි ගමන (VIDEO)

අද (4) බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ සුවිශේෂි සිදුවීමක් සිදුවුනා.

ඒ බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක මහතා සිය ළඟම ඥාතියකුගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වීම සඳහා දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ මීගමුව ප්‍රදේශයට රැගෙන ඒමයි.

ළඟම ඥාතියකුගේ අවමංගල්‍යය

දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව රන්ජන් රාමනායක මහතාගේ සොහොයුරියගේ නැන්දණියගේ අවමංගල්‍ය උත්සවය සඳහා මෙසේ රැගෙන විත් තිබෙන්නේ.

අවමංගල්‍ය උත්සවයට රැගෙන විත් නැවත රැගෙන යන තුරු රන්ජන් රාමනායක මහතාගේ මාංචු නොගැලවීමද විශේෂත්වයක්.

සමගි ජන බලවේග මන්ත්‍රීවරයා

රන්ජන් රාමනායක මහතා එම ස්ථානයට රැගෙන එන අවස්ථාවේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු එම ස්ථානය සිටිනු දක්නට ලැබුණා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ රන්ජන් රාමනායක මහතා මේ වන විට වසර හතරක 4 ක සිර දඬුවමක් අගුණුකොළපැලැස්ස බන්ධනාගාර විඳිමින් සිටිනවා.

එම දඬුවම හේතුවෙන් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයද අහෝසි වුණා.

රන්ජන් රාමනායක මහතාට ජනපති සමාව ලබා දෙන ලෙස මේ වන විට බොහෝ පාර්ශ්ව ඉල්ලීම් කර තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 04 August 2021 17:24