May 18, 2024

බැසිල් වැඩකාරයා: හැබැයි තනියම ගේම ගහන්න බැහැ - මංගලගේ සහතිකය

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා වැඩකාරයෙකු වුණාට තනියම කරන්න බැරි බවයි හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර මහතා පෙන්වා දෙන්නේ.

මැජික් කාරයෙක් නෙවෙයි

එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා මැජික් කරුවෙකු නොවන බවත් සමරවීර මහතා සඳහන් කරනවා.

කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුවේ සිටින පිරිස අතරින් ලෝකයේ තිබෙන වර්තමාන යථාර්ථය පිළිබඳව අවබෝධයක් තිබෙන්නේ බැසිල් රාජපක්ෂ මහතාට පමණක් බවයි සමරවීර මහතා පෙන්වා දෙන්නේ.

යූ ටර්න් නොගැහුවොත් කපෝතියි

ආණ්ඩුව මේ යන ගමන වහා නතර කර සම්පූර්ණයෙන්ම ආපස්සට යූ ටර්න් එකක් නොගැහුවොත් තව දුරටත් ඉදිරියට යා නොහැකි බවට සමරවීර මහතා අනාවැකියක් මෙන්ම අනතුරු ඇඟවීමක්ද පළ කරනවා.

මංගල සමරවීර මහතා මෙම අදහස් පල කරන්නේ මුදල් අමාත්‍ය ධුරයට බැසිල් රාජපක්ෂ මහතා සුදුසු බවට මාධ්‍ය හමුවක දී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සති අන්ත ජාතික පුවත්පතක් සමග කළ සාකච්ඡාවකදී  නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්..

Rate this item
(2 votes)
Last modified on Sunday, 01 August 2021 18:17