May 09, 2024

ගම්පහ ශ්‍රීලනිප අවුල: පාක්ෂිකයන් වෙන මතයක - රාජ්‍ය ඇමති තව මතයක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදු ජන පෙරමුණෙන් මිදී වෙනම ගමනක් යා යුතු බවට ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී.ල.නි.ප පාක්ෂිකයින්ගෙන් මතයක් ඉදිරිපත් වී තිබෙනවා.

ඒ මීට ටික දිනකට පෙර පැවති දිස්ත්‍රික් ශ්‍රී.ල.නි.ප බල මණ්ඩල රැස්වීමේදී.

රාජ්‍ය ඇමතිට විරෝධය

එම රැස්වීම පවත්වා තිබෙන්නේ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී.ල.නී.පය වෙනම ගමනක් යා යුතු බවට එම රැස්වීමේදී පාක්ෂිකයන් රාජ්‍ය අමාත්‍යවරයා අමතා ප්‍රකාශ කර ඇති අතර එහිදී යම් මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබෙන බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය ඇමතිගේ මතය 

ඒ අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී.ල.නි.පය දිගටම පොදු ජන පෙරමුණ සමග සම්බන්ධ වී ගමනක් යා යුතුයි යන මතයේ පිහිටා කටයුතු කරන්නෙක් වීම නිසා.

අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා කලක් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ළඟම හිතවතෙකු වුවද මේ වන විට එම හිතවත්කම පළුදු වී ඇති අතර ඔහු දැන් බැසිල් රාජපක්ෂ මහතාගේ ඉතා සමීප කිට්ටුවන්තයෙකු බවයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ.

අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම රැස්වීමේදී පාක්ෂිකයන් ශ්‍රී ලනීපය වෙනම ගමනක් යා යුතු වට යෝජනා කර තිබෙන්නේ මේ හිතවත්කම් පිළිබඳ අවබෝධයක් ඇති නිසා බවයි දැනගන්නට තිබෙන්නේ.

අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී.ල.නි.පය දිගටම පොදු ජන පෙරමුණ සමග සිටිය යුතු බවට මතයක් දරන ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර , ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන තුන් කට්ටුවේ සාමාජිකයෙක්.  

Rate this item
(0 votes)
Last modified on Friday, 30 July 2021 06:50