April 26, 2024

රාජ්‍ය සේවයට අලුතින් සේවකයින් ගැනීම ගැන ඇමැති බැසිල්ගෙන් තීරණයක්

බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීමත් සමඟ රාජ්‍ය මූල්‍ය කළමණාකරණයේ විශාල වෙනස්කම් රාශියක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය ආයතනවල වියදම් මාස 6 ක කාලයක් සඳහා දැඩි ලෙස සීමා කිරීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය ආයතන වල අතිරේක වියදම් දැරීම වහාම නතර කරන ලෙස මුදල් අමාත්‍යංශය සියලුම රාජ්‍ය ආයතනවලට දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

රාජ්‍ය ආයතවලට සේවයකින් බඳවා ගැනීම

මේ අතර රාජ්‍ය ආයතනවලට අලුතින් සේවකයින් බඳවා ගැනීම ද නතර කරන ලෙස මුදල් අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා.

කොරෝනා ව්‍යාප්තියත් සමග රජයේ ආදායම විශාල ලෙස අඩු වීම සැලකිල්ලට ගනිමින් මුදල් අමාත්‍යාංශය මෙම පියවර ගෙන තිබෙනවා.

මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සියලුම පළාත් ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් පසුගිය සතියේ කොළඹ අරලියගහ මන්දිරයට කැඳවා, වියදම් සීමා කරන ලෙස දැනුම් දී තිබෙනවා.

රජයේ ආයතනවල අතිරේක වියදම් කපා හරින ලෙසත් සේවකයින් වැඩි නොකරන ලෙසත් මුදල් ඇමතිවරයා ඔවුන්ට එහිදී දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)