May 08, 2024

දෙදරීම දරුණු වෙයි - නිදහස් පක්ෂයෙන් කොටසක් දැඩි තීන්දුවක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර යම් කිසි ගැටුම්කාරී තත්ත්වයක් පසුගිය දිනවල පෙනෙන්නට තිබුණා.

ඒ අතරතුර පක්ෂයේ ඇතැම් ප්‍රබලයින් පවා ප්‍රකාශ කළේ එම ගැටුම් ආණ්ඩුවෙන් ඉවත් වීම දක්වා දුර දිග යා හැකි බව යි.

එවන් පසුබිමක මීළඟ පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් වෙන්ව තරග කළයුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

එම කරුණ ඇතුළත් යෝජනාවලියක් දිස්ත්‍රික්ක මට්ටමින් සම්මත කිරීමට යි එම පක්ෂයේ සංවිධායකවරුන් පිරිසක් තීරණය කර ඇත්තේ.

එම සංවිධායකවරු රැස්ව දිස්ත්‍රික්ක මට්ටමින් මෙම යෝජනාවලිය සම්මත කිරීමෙන් පසුව එය පක්ෂය වෙත ලබාදීමට ඔවුන් තීරණය කර ඇති බව යා වාර්තා වන්නේ.

ඔවුන්ගේ තීරණය වී ඇත්තේ තවදුරටත් ආණ්ඩුව සමඟ එක්ව දේශපාලන කටයුතු නොකර පක්ෂය නැවත තනි දේශපාලන ගමනක් යායුතු බවට යි.

Rate this item
(3 votes)
Last modified on Monday, 26 July 2021 08:17

Related items