May 17, 2024

රන්ජන්ට දැන් හොඳයි - ලැබුණු තැන මෙන්න

දණහිසේ ආබාධයක් හේතුවෙන් රෝහල් ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රතිකාරවලින් පසු අගුනකොලපැලැස්ස බන්ධනාගාරයට රැගෙන ගිය බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසනවා.

රන්ජන් රාමනායක මහතාට දණහිසේ ඇති වූ හදිසි රෝගාබාධයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියා.

මේ වන විට ඔහුගේ රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව අතට හැරී ඇති බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඒ අනුව ඔහු නැවතත් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන ගිය බව ඔහු සඳහන් කළා.

Rate this item
(0 votes)