May 17, 2024

උන්හිටි තැන් අහිමි වූ රන්ජන්ට චන්දිමාල්ගෙන් නිවසක්

සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට තමාට හිමි නිවෙස් වලින් එක නිවසක් ලබා දීමට කටයුතු කරන බව ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කරනවා.

රන්ජන් රාමනායක මහතා පදිංචිව සිටි මාදිවෙල මන්ත්‍රී නිවසින් සිය භාණ්ඩ ලබන 20 වනදාට පෙර ඉවත් කරගැනීමට සිදුව ඇති බව ඊයේ (14) වාර්තා වුණා.

තමාට අයත් නිවෙස් තුනෙන් එකක් හිටපු මන්ත්‍රීවරයාට ලබා දීමට තමන් තීරණය කළ බව චන්දිමාල් ජයසිංහ මහතා තම නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ සඳහන් කර සිටිනවා.

සබැඳි පුවත් - රන්ජන්ට නිවසත් අහිමි වෙයි! බඩුත් ගෙනියන්න කියයි

Rate this item
(0 votes)
Last modified on Thursday, 15 July 2021 15:26