April 27, 2024

බැසිල් පාර්ලිමේන්තු එනවට ජවිපෙත් කැමැත්ත දෙයි - තව අවුලක් ගැනත් කියයි (VIDEO)

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු පැමිණීම ගැටළුවක් නොවන බවත් ඔහු වෙනුවෙන් අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම ගැටළුවක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසනවා.

ඒ අද පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ අරමුණ ඉතාම බරපතල බවද පෙන්වා දෙනවා.

රටේ ජනතාවගේ මූලික නීතිය තනි පුද්ගලයෙක් වෙනුවෙන් වෙනස් කිරීම කිසි කෙනෙකුට අනුමත කළ නොහැකි බවද පවසනවා.

"එදා ආණ්ඩු පක්ෂයේ අය මෙයට විරුද්ධ වන විට ඒ ආණ්ඩු පක්ෂයේ අයට දුන් පොරොන්දුව 2021 අවුරුද්දේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන බවත් ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ මෙම ද්විත්ව පුරවැසිකම් පිලිබඳ වගන්ති ඉවත් කරනවා. එතෙක් ඉවසලා ඉන්න මේ වෙලාවේ විතරක් ජන්දය දෙන්න කියලා රැවැට්ටුවා, රැවටුණා. ආණ්ඩුවේ කට්ටියම රැවටිලා තමයි ජනතාවට ඒක කිව්වේ. නමුත් දැන් ඒ මොකක්වත් නැහැ ඒ සංශෝධනය ද්විත්ව පුරවැසියන්ට මේ පාර්ලිමේන්තුවට එන්න ඉඩ හදලා තියෙනවා." යනුවෙන්ද වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 06 July 2021 15:20