May 19, 2024

සුඛෝපභෝගී භාණ්ඩ තහනම යෝජනා කළේ මහ බැංකුවෙන් - ඇමැති අජිත් නිවාඩ්ගෙන් හෙළිදරව්වක් (VIDEO)

දැනට ආනයනය සීමා කර ඇති භාණ්ඩවලට අමතරව වෙනත් භාණ්ඩ ආනයනය අත්හිටුවීමට මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කරනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (5) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය අත්හිටුවීම කළ යුතු යැයි ශ්‍රී ලංකා මහ බැංකුව පාර්ශවයෙන් යෝජනා කර ඇතත් පවතින තත්වය කළමණාකරණය කර ගැනීමට වෙනත් උපක්‍රම භාවිත කිරීම රජයේ අපේක්ෂාව බව සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එලෙස ආනයන සීමා කිරීම නොකරන්නට නම් සියලුදෙනාම වගකීමෙන් යුතුව කටයුතු කලයුතු බවයි.

වසරකට අවශ්‍ය භාණ්ඩ එකවර ආනයන නොකර තමන්ම ස්වේච්ඡාවෙන් සීමා පමුණුවා ගත යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 05 July 2021 17:55