May 05, 2024

බැසිල්ට වඩා ‘මුදල් ඇමතිකමට’ සුදුසුම කෙනා රාජපක්ෂ පවුලේ ඥාතියෙක් (VIDEO)

රාජපක්ෂ පවුලේ මුදල් ඇමතිකම ගැනීම සඳහා සුදුසුම කෙනා ඩේසි ආච්චි බවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසා තිබෙනවා.

එහිදී හිටපු මන්ත්‍රීවරයා විසින් පවසා සිටියේ ඩේසි ආච්චි විසින් මැණික් මල්ලක් රැගෙනවිත් එය විකුණා සල්ලි රැගෙන සිය එක් මුණුපුරෙකු වෙත දෙහිවල ප්‍රදේශයෙන් නිවසක් ද ඉදි කර දුන් බවයි.

නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා තවදුරටත් පවසා සිටියේ “ඉතින් බලන්නකෝ ඒ ඩේසි ආච්චිට පුළුවන්කම ලැබුණා, මුදල් හම්බුණේ කොහෙන්ද කියලා හෙළිදරව් කරන්නෙත් නැතුව ඒ මුදල් වියදම් කරලා ඒ තරම් වටිනා ව්‍යාපෘතියක් කරලා දෙන්න..”

එහිදී හිටපු මන්ත්‍රීවරයා විසින් පවසා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා පක්ෂයක් නිර්මාණය කර ඡන්දයක් දිනපු එක මුදල් ඇමතිකම ගැනීමට සුදුසුකමක් නම් ඩේසි ආච්චි මැණික් මල්ලක් විකුණලා තමන්ගේ මුණුපුරෙකුට ගෙයක් හදලා දුන්නු එක ඊට වඩා සුදුසුකමක් නොවේද යන්නයි.

ඔහු මේ බව පවසා තිබුණේ ඊයේ (01) දිනයේ පැවැති මාධ්‍ය හමුවක දී.

මන්ත්‍රීවරයා පළ කර සිටි සම්පුර්ණ අදහස පහතින්,

Rate this item
(0 votes)
Last modified on Friday, 02 July 2021 01:40