May 12, 2024

පොහොට්ටු කල්ලි දෙකේ තවත් ගැටුමක් නූලෙන් බේරෙයි

අවසන් වරට පැවැත්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී නිරන්තරයෙන් ගැටුම් ඇති කරගන්නා දෙපාර්ශවය අතර ඇතිවීමට ගිය ගැටුමක් වැලැක්වී තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ විමල් වීරවංශ , උදය ගම්මන්පිල හා වාසුදේව නානයක්කාර අමාත්‍යවරුන් ප්‍රමුඛ පොදුජන පෙරමුණේ සන්ධානගත පක්ෂ හා සංවිධාන 12 කණ්ඩායම හා බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොදුජන පෙරමුණ ලේකම් සාගර කාරියවසම් පාර්ශවය අතරය.

ඔත්තුව ප්‍රතිවිරුද්ධ පිලට

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇති වී තිබෙන තත්ත්වයන් සම්බන්ධයෙන් විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් අදහස් දැක්වීමට බලාපොරොත්තුවෙන් සිටින බව ප්‍රතිවාදී පාර්ශවයට දැනගැනීමට ලැබී තිබෙනවා.

එවැනි අදහස් දැක්වීමක් කිරීමට ගොස් ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇතිවුවහොත් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට බැසිල් රාජපක්ෂ පාර්ශවය රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනකු හා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සූදානම් කොට තිබූ බවයි දැනගන්නට තිබෙන්නේ.

දෙදෙනාම නිහඬයි

එහෙත් කුමන හෝ හේතුවක් මත වීරවංශ සහ ගම්මන්පිල යන අමාත්‍යවරුන් එහිදී අදහස් දැක්වීමෙන් වැළකී තිබෙනවා.

මේ නිසා ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානම්ව සිටී කණ්ඩායමේද බලාපොරොත්තු සුන් වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට පොදු ජන පෙරමුණ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා වීරවංශ හා ගම්මන්පිල යන අමාත්‍යවරුන් දෙදෙනා සමගම ප්‍රසිද්ධියේම අරගලයක නියැළී සිටිනවා.

Rate this item
(2 votes)
Last modified on Saturday, 26 June 2021 12:42