May 12, 2024

ඉන්ධන මිල වැඩි වෙයි - නව මිල ගණන් මෙන්න

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ නැංවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කොට තිබෙනවා.


ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ යන අතර එහි නව මිල එහි නව මිල වන්නේ රුපියල් 157ක්.


ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ යන්නේ රුපියල් 23කින්.


ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීරයක නව මිල රුපියල් 184ක් වනවා.


ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් වැඩි වන අතර සුපර් ඩීසල් ලීටරයක මිල ඉහළ යන්නේ රුපියල් 12කින්.


ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 111ක් වන අතර සුපර් ඩීසල් ලීරයක් රුපියල් 144ක් වනු ඇති.


භූමිතෙල් මිල ද රුපියල් 7කින් ඉහළ යන බව සඳහන්.


ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 77ක්.

Rate this item
(0 votes)
Last modified on Friday, 11 June 2021 23:26