May 12, 2024

නාමල් අගමැති වන බව කියන ජ්‍යොතිෂවේදියා හිටපු ජනපති මෛත්‍රී ගැන කියපු බොරුව

2022 සැප්තැම්බර් 8 පෙර නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මේ රටේ අග්‍රාමාත්‍යවරයා වන බවට ජ්‍යොතිෂවේදියෙකු අනාවැකියක් කර තිබෙනවා.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ පටයක් නිකුත් කරමින් මේ අනාවැකිය කියන්නේ ජෝතිෂවේදි විජිත රෝහණ විජයමුණි මහතායි.

 තමා මේ පිළිබඳ මීට අවුරුදු පහකට පෙර කියූ බව සඳහන් කරන ජ්‍යොතිෂවේදියා තමා ආවට ගියාට කිසිවක් ප්‍රකාශ නොකරන බවද කියනවා.

අනාවැකිකරු ගැන නොදන්නා රහස

මේ අනාවැකිකරු සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට අමතක වී තිබෙන රහසක් මේ වන විට හෙළිදරව් වෙමින් තිබෙනවා.

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ධුර කාලයේදීම මිය යන බවට ඔහු ජනපති ධුරයේ සිටිද්දී ජ්‍යොතිෂවේදියෙකු අනාවැකියක් පළ කර තිබුණා.

ඒ අනාවැකිය පළ කර තිබුණේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා අගමැති වන බව කියන මේ ජෝතිෂවේදීයයි.

මේ කතාවට ඒ දවස්වල විශාල ප්‍රසිද්ධියක් ලැබුණා.

රනිල්  ජනපති වෙන්නත් ලෑස්ති වුණා

කතාව විශ්වාස කළ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනපති වෙන්නත් සිහින මවමින් සිටියා.

එහෙත් එම අනාවැකිය බොරු කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා තවමත් ජීවතුන් අතර සිටිනවා.

මේ කතාව ඒෂියන් මිරර් වෙත හෙළිදරව් කළේ යහපාලන ආණ්ඩුවේ හිටපු ප්‍රබල ඇමතිවරයෙක්.

අද එම ඇමතිවරයා සමගි ජන බලවේගයේ ජේෂ්ඨ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරනවා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 07 June 2021 19:57