April 27, 2024

හඳුණාගත නොහැකි මළ සිරුරු 20ක් ජාතික රෝහලේ ගොඩගැසෙයි

හිමිකරුවන් නොමැති මෘත ශරීර 20ක් කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව එහි නිලධාරීන් පවසනවා.

මෙම සිරුරු මාස තුනක් තිස්සේ හඳුනා ගැනීමට නොහැකි වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම මළ සිරුරු 20න් වැඩි 19ක් පිරිමි පුද්ගලයින්ගේවන අතර එක් කාන්තාවකගේ සිරුරක් ද එහි ඇති බව පුවත් ආරංචි මාර්ග පවසනවා.

මෙම සිරුරුවල අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා පොලීසිය විසින් දැනටමත් පරීක්ෂණ අරඹා ඇති බව සඳහන්.

එම පරීක්ෂණ හරහා අනන්‍යතාව තහවුරු කරගෙන ඥාතීන් වෙත සිරුරු භාර දීමයි අරමුණ වී ඇත්තේ.

කෙසේ වෙතත් මෙම මළ සිරුරු හඳුනාගත නොහැකි වුවහොත් ඒවා රජයේ වියදමෙන් භූමිදානය කිරීමට කටයුතු කරන බව ද ජාතික රෝහල් ආරංචි මාර්ග පවසනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 May 2021 16:01