May 04, 2024

විමල්, ගම්මන්පිල ශ්‍රීලනිප මූලස්ථානයට! මෛත්‍රී සමඟ විශේෂ සාකච්ඡාවක

ආණ්ඩු පක්ෂයේ හවුල්කාර පක්ෂ නායකයින් මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ විශේෂ රැස්වීමක් පවත්වා තිබේ.

මෙම රැස්වීම ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයින් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ඩ්ව් ගුණසේකර යන මහත්වරුන් සහභාගී වී ඇතැයි වාර්තා වේ.

වර්තමාන දේශපාලන තත්වය, ඉදිරියේ පැවැත්වීමට නියමිත මැයි දිනය පිළිබඳවද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

Rate this item
(6 votes)