May 11, 2024

තවත් බස් රථයක් ඇළකට පෙරළෙයි - 18ක් රෝහලේ, කිහිප දෙනෙකුට බරපතළයි (PHOTOS)

දඹුල්ල ගල්කිරියාගම ප්‍රධානම මාර්ගයේ තෙලදින්නන්වැව ප්‍රදේශයේ දී අද (06) දහවල් කාලයේ සිදු අනතුරකින් පෞද්ගලික මගී බස් රථයක් ඇළකට පෙරළි තිබේ.

මෙම අනතුරින් එහි ගමන් ගත් මගීන් 18 දෙනෙකු තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව ගල්කිරියාගම පොලිසිය පවසා සිටියි.

ගල්කිරියාගම සිට දඹුල්ල බලා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථය  කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර ඒ නිසා ඇළට පෙරළී ගිය බව එහි රියදුරු සඳහන් කර තිබේ.

පෙරළි ගිය බස් රථයේ සිරවී සිටි පිරිස ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගොඩට ගෙන දඹුල්ල මූලික රෝහලට රැගෙන ගිය බව පොලිසිය කියයි.

මෙම අනතුරින් පිරිමි පුද්ගලයින් පස්දෙනෙකු සහ කාන්තාවන් දහතුන් දෙනෙකු රෝහල් ගත කොට තිබේ.

රෝහල් ප්‍රකාශකයෙකු ඒෂියන් මිරර් වෙත පවසා සිටියේ තුවාල ලැබූ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි. 

බස් රථය වේගයෙන් ධාවනය නොවී ඇති බවත්, මාර්ගය පටු වීම නිසා

බස්රථ මාර්ගයෙන් ඉවතට පැන ඇළට පෙරලී ගොස් ඇති බවත් මාර්ගය පටු වීම නිසා මෙම මාර්ගයේ බස් රථ වේගයෙන් දා ධාවනය නොවන බවත්, බස් රථය මාර්ගයෙන් පිටතට පැනීම නිසා මෙම අනතුර සිදුව ඇතැයිද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්,

දඹුල්ල - කාංචන කුමාර

Rate this item
(0 votes)