April 27, 2024

හැටන් නගරය කැළඹූ රිය අනතුර : තරුණ යුවලක් බසයකට යටවෙයි - තරුණයා මිය යයි, තරුණියට බරපතළයි (PHOTOS)

හැටන් නගරයේ පෞද්ගලික බස් රථයකට යට වීමෙන් තුවාල ලැබු තරුණයෙකු සහ තරුණියක් දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු බරපතළ ලෙස තුවාල ලබා සිටි තරුණයා ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.

අද (12) දිනයේ පස්වරු 2.30 ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නගරයේ දුම්රිය පාලම අසලදීය.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ නොර්වුඩ් පොලිස් වසමට අයත් නොර්වුඩ් වත්ත පහළ කොටසේ පදිංචි එම්.කරුණාකරන් නැමති 32 හැවිරිදි විවාහක තරුණයෙකි.

හැටන් විග්ටන් සිට හැටන් බස් නැවතුම්පොල දක්වා අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයකට ජිවිතක්ෂයට පත් තරුණයා සහ තරුණිය ගැටීමෙන් මෙම මාරාන්තික අනතුර සිදු වී ඇත.

ජිවිතක්ෂයට පත් තරුණයා සහ තුවාල ලැබු තරුණිය හැටන් නගරය දක්වා මාර්ගය ආසන්නයෙන් පයින් ගමින් කරමින් සිටි තිබේ.

ඒ අතර පසුපසින් ධාවනය වු පෞද්ගලික බස් රථයේ දෙදනාම ගැටි අනතුර සිදු වී තිබේ.

එහිදී බස් රථයේ ගැටුණු තරුණිය ඉදිරියට විසි වි ඇති බවත්, තරුණයා බස් රථයේ පිටුපස රෝදයට යට වි ඇතැයි අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය ඒෂියන් මිරර් හැටන් වාර්තාකරු හට පවසා තිබේ.

තුවාල ලැබූ තරුණියගේ තත්ත්වයද බරපතළ බවට දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇතැයි අප වාර්තාකරු වැඩිදුරටත් පවසා සිටියේය.

බස් රථයේ රියදුරා සහ බස් රථය පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

එම අනතුරේ ඡායාරූප පහතින්,

හැටන් - රංජිත් රාජපක්ෂ

Rate this item
(0 votes)