April 28, 2024

ත්‍රිරෝද රථයක් උඩට කන්ටේනර් රථය පෙරලුනු තැන තවත් අනතුරක් - ජනතාව පාර වසා දමයි

නුවරඑලිය වැලිමඩ ප්‍රධාන මාර්ගයේ හක්ගල උද්භිද උද්‍යානය අසල මහ වංගුව ප්‍රදේශයේදි අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයකට මාර්ගයේ ගමන් ගත් දෙදෙනෙකු යට වි අනතුරට පත් වීමෙන් පසුව එම ප්‍රදේශයේ යම් උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.

එහිදී ගම්වාසීන් විසින් මොටර් රථය පැය පහක කාලයක් සිය භාරයේ රඳවාගෙන තමන්ගේ ඉල්ලිම් ලබාදීමෙන් පසු එම මොටර් රථය ඊයේ (19) දින නුවරඑලිය පොලිසිය වෙත භාර දී ඇත.

නුවරඑලිය සිට ඇල්ල දක්වා අධික වේගයෙන් ධාවනය වූ අදාළ මෝටර් රථයට හක්ගල උද්භිද උද්‍යානය අසල මහ වංගුව ප්‍රදේශයේදි ඊයේ (19) දින පස්වරු 1.30 ට පමණ මෙම අනතුර සිදුව තිබුණි.

එහිදී අනතුරට පත්ව තිබුණේ හක්ගල උද්භිද උද්‍යානය නැරඹිමට තිස්සමහරාමය ප්‍රදේශයේ සිට පැමිණි යුධ හමුදා සෙබලෙකු සහ ඔහුගේ මිතුරෙකු වන අතර ඔවුන් දෙදෙනා එම මොටර් රථයට යට වී බරපතළ ලෙස තුවාල ලබා නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කර ඇත.

අනතුර සිදු වීමෙන් පසු නුවරඑලිය වැලිමඩ ප්‍රධාන මාර්ගය මහ වංගුව ප්‍රදේශයෙන් ගම්වාසින් විසින් හරස් කරමින් උද්ඝෝෂනයක නිරත වීම නිසා එම මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ තිබුණි.

උද්ඝෝෂණයේ නිරතව සිටි හක්ගල ප්‍රදේශවාසින් කියා සිටියේ අප්‍රේල් 01 දිනද ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබු ලොරි රථයක් ත්‍රිරෝද රථයක් මත පෙරලිමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් තිදෙනෙකු එම ස්ථානයේදි ජිවිතක්ෂයට පත් වූ බවත් එම ස්ථානයේම තවත් අනතුරු ගණනාවක් සිදුවු බවයි.

එමෙන්ම ප්‍රදේශවාසීන් විසින් වැඩිදුරටත් පවසා සිටියේ හක්ගල මහ වංගුව ප්‍රදේශයේ බහුල වශයෙන් අනතුරු සිදු වන නිසා එම ස්ථානයේ මාර්ග සංඥා ස්ථාපනය කරන ලෙසට අදාළ බලධාරින්ට සහ මාර්ග සංවර්ධන අධිකාරිය දැනුවත් කළත්, එයට මෙතෙක් කිසිදු විසදුමක් නොලද නිසා තවදුරටත් එම ස්ථානයේ අනතුරු සිදු වන බවයි.

හක්ගල ප්‍රදේශවාසින්ගේ විරෝධතාවය සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය විසින් නුවරඑලිය මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ නිලධාරින් දැනුවත් කිරිමෙන් පසු එම ස්ථානයේ වේග සිමා අඩු කිරිමට මාර්ග සංවර්ධන අධිකාරි විසින් පිලියමක් යෙදීමට කටයුතු කර තිබුණි.

එම පිළියමෙන් යෙදීන් පසුව ගම්වාසීන් විසින්  අනතුර සිදු කළ මෝටර් රථය පොලීසිය වෙත භාර දීමට කටයුතු කර තිබුණි. 

එම සිදුවීමේ ඡායාරූප පහතින්,

හැටන් - රංජිත් රාජපක්ෂ

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 April 2021 12:23