May 12, 2024

කන්ටේනර් රථයක් ධාවනය වූ ත්‍රිරෝද රථයක් මතට වැටී සිදු වූ මාරාන්තික අනතුර (PHOTOS)

නුවරළිය වැලිමඩ ප්‍රධාන මාර්ගයේ නුවරළිය හග්ගල ලොකු වංගුව ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයක් මතට ලොරි රථයක් වැටීමෙන් ඊයේ (01) දිනයේ දී සිදු වූ මාරක රිය අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු මිය ගොස් තිබේ.

ඊයේ 12.30ට පමණ සිදුවු මෙම අනතුරින් ඇල්ල ඌවකරදගොල්ල ප්‍රදේශයේ පදිංචි පදිංචිකාරිනියන් තිදෙනෙකු මෙලෙස මියගොස් ඇති බව පොලීසිය පවසා සිටියි.

අනතුරට පත් වූ ත්‍රීරෝද රථය නුවරඑළියේ සිට ඇල්ල දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථය මතට මෙලෙස පෙරලී තිබුණේ නුවරළියේ සිට වැලිමඩ දක්වා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන ලොරි රථයකි.

පෙරළි ගිය‌ ලොරි රථයේ රියදුරා එම අවස්ථාවේ පලා ගොස් ඇති අතර පොලීසිය විසින් ලොරි රථයේ රියදුරු සහයකයාව අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුර සිදු වු අවස්තාවේ එක් කාන්තාවක් එම ස්ථානයේදිම ජිවිතක්ෂයට පත් වු බවත්, අනෙකුත් තුවාලකරුවන් දෙදෙනා රොහල් ගත කිරිමෙන් පසු මිය ගිය බවත් වාර්තා වන අතර ත්‍රිරෝද රථයේ රියදුරාගේ තත්ත්වය බරපතළ බව නුවරඑළිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් වැඩි දුරටත් කියා සිටියහ.

Rate this item
(0 votes)
Last modified on Friday, 02 April 2021 10:23