මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙනුවෙන් දේශපාලනය වශයෙන් හා නීතිමය වශයෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කොට ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
රවී කරුණානායක මහතා වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සාමූහිකව එකාමෙන්ව නැගී සිටීමට ද තීරණය කොට ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
වංචාවක් සිදුවී ඇතැයි කියන මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ඉතා පැහැදිලි ස්ථාවරයක සිටින බව පෙන්වා දෙන එම ආරංචි මාර්ග 2015-2019 යහපාලන ආණ්ඩු සමයේ සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතු දෙකකින් කිසිදු පාඩුවක් හෝ වංචාවක් සිදුව නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය වී ඇති බවද අවධාරණය කරයි.
මේ වන විට මහ බැංකුව perpetual treasuries සමාගමේ රු කෝටි 1200ක වත්කම් රඳවා ගෙන තිබෙන බැවින් ඉන් වංචාවක් හෝ පාඩුවක් සිදුව නැති බව පක්ෂ නායක, එවකට සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරය වී ඇති බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.