April 24, 2024

හිටපු ජනපතිගෙන් රවීට ප්‍රතිචාර : මගේ හෙළි කරන්න තියෙන්නේ මේ ටික විතරයි

වංචා හා දූෂණ චෝදනා ලැබූ ඇමතිවරයෙක් ඉවත් කළේ තමා ජනපති ධූරය දැරූ ආණ්ඩුවෙන් බවට හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට ටික දිනකට පෙර සඳහන් කළා.

ඒ යහපාලන ආණ්ඩුවේ සිටි මුදල් ඇමති ඇමැති රවි කරුණානායක මහතා ඉලක්ක කර.

තොරතුරු රැසක් ලඟදීම එලියට

ඊට රවී කරුණානායක මහතාද පිළිතුරු දුන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් ෆයිල් 7 ක් තමා ගාව තිබෙන බවත් ඒවා ඉදිරියේදී හෙළිදරව් කරන බවට තර්ජනය කරමින්.

කරුණානායක මහතාගේ එම ෆයිල් කතාවට සිරිසේන මහතා පිළිතුරු දුන්නා.

මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරන්නේ තමන් තවමත් කරුණානායක මහතාගේ කතාව නොඇසූ බවයි.

අර්බුද සාමාන්‍ය දේවල්

තමන් ගැන විස්තර හෙළිදරව් කරනවා නම් හෙළිදරව් කිරීමට තිබෙන්නේ නම , ගම , ලිපිනය වැනි දේවල් බවයි සිරිසේන මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

දේශපාලන ලෝකයේ අර්බුද සාමාන්‍ය හා ව්‍යාකූල බවත් ඒවා ගණන් ගත යුතු නැති බව මතක් කරන හිටපු ජනපතිවරයා ප්‍රහාර වලට මුහුණදීමට තමන් දේශපාලන ජීවිතයේ ඕනෑ ම මොහොතක සූදානම් බවද සඳහන් කරනවා.

හිටපු ජනපතිවරයා මෙම අදහස් පළ කළේ කරුණානායක මහතාගේ හෙලිදරව්ව සම්බන්ධයෙන් මාධ්‍ය කළ ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු ලෙස.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 12 January 2022 20:17