April 26, 2024

රවීගේ දුව ඔනෙලා යළි කරළියට: නම් දෙක පැටලිලා - අපි නම් ඕවට නැහැ

September 03, 2021

යහපාලන රජයේ හිටපු අමාත්‍යවරයෙකු වන රවී කරුණානායක මහතාගේ දියණිය ඔනෙලා කරුණානායක මහත්මිය යළි කරළියට පැමිණිලා.

ඒ තමන්ට හිමි "ග්ලෝබල් පාර්ක්" සමාගම සතු ගබඩාවේ සීනි තොග සඟවාගෙන සිටි බවට පැතිර යන රාවයක් සමග.

නිවේදනයක් නිකුත් කිරීම

එය අසත්‍යක් බවයි එම සමාගම වෙනුවෙන් එහි සාමාන්‍යධිකාරිවරයා වන ප්‍රියංක දිසානායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ.

මෙම ගබඩාව පිහිටා තිබෙන්නේ සීදූව ප්‍රදේශයේ.

පසුගිය දිනවල පාරිභෝගික සේවා අධිකාරිය විසින් සීනි සඟවාගෙන තිබූ ගබඩා කීපයක් වැටලූ අතර "ග්ලෝබල් ට්‍රේඩින්" නම් සමාගමක්ද ඒ අතර වනවා.

නම් දෙක පැටලිලා

ඒ නම හා සිය සමාගමේ නම පැටලීමෙන් මෙම වැරදි ප්‍රචාරය සමාජ මාධ්‍ය ඔස්සේ යන බවයි නිවේදනයෙන් කියන්නේ.

මහ බැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ අර්ජුන් ඇලෝසියස් මහතා විසින් රවි කරුණානායක මහතාට කොළඹින් සුපිරි නිවාසයක් ලබා දීම සම්බන්ධයෙන් වූ සිද්ධියට ඔනෙලා කරුණානායක මහත්මියගෙනුත් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව ප්‍රශ්න කළා.

Rate this item
(0 votes)
Last modified on Friday, 03 September 2021 16:55